ස්තුති සටහනක්…

නොහිතූ ලෙසා මා අසනීප වුණු බැවින් පසුගිය සතිය පුරාවට කතාකිරීමට බලපොරොත්තුවෙන් සිටි මාතෘකාවක් ගැන නොලියා කල් දැමීමට සිදුවුණි. නිදහසේ ලියන්නට අවස්ථාවක් ලැබුණු නිසා, දැන් මේ ලියන්නේ කල් දැමුණු ඒ මාතෘකාව පිළිබඳයි. ගුරු දිනය නිමිත්තෙන් සිසු සිසුවියන් ගෙන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ද මා හට විවිධ තෑගි භෝග මෙන්ම ඉතා දයාබර පණිවිඩ ලියවුණු මතක සටහන්ද ලැබුණි. මගේ ආදරණීය සිසුන් බුලත් හුරුල්ලක් දී මා හට වඳින විටදී … Continue reading ස්තුති සටහනක්…

අඳුර

අඳුර පරදවයි මගේ තනිකම වෙළා මා සිත් දැහැන ටිකෙන් ටික මටත් නොදැනිම කොහෙද ඔබ කියනු මැන.. නිවී නිවී දිලෙනා තරු දහසකට, අහංකාර සඳ එළියට එකළු කළ හැකිද මගෙ අඳුරු සිත් අහස ඔබ මා ළගින් නැති විටෙක…   In response to the daily prompt today: Darkness Continue reading අඳුර

සිහිනයක සිහිනයක්

ලියන්නට සිතෙන්නේ ඔබ ගැනම පමණයි. සිතන්නට සිතෙන්නේ ඔබ ගැනම පමණයි. සිහිනයෙන් සිහිනයට දකින්නෙත් ඔබම පමණයි. පතන හැම පැතුමක්ම ඔබ වෙනුවෙන්ම පමණයි. එත්, ඔබට පෙනෙන්නෙ මේ විසල් ලොවම පමණයි. දහසක් සිත් අතරේ, අනන්තවත් නෙතු යුග අතරේ, මගේ සිත නවතින්නෙ ඔබේ ඔය සිත ලඟ විතරමයි. මගේ සිත අදත්, හෙටත්, මියෙනතුරු හැමදාමත් ඔබ වෙනුවෙන්ම පමණයි. Continue reading සිහිනයක සිහිනයක්

සංසාර බැඳීම්

මිනිස් ජීවිතේ හරි පුදුමයි වෙලාවකට. මිනිසුන් හමුවෙනවා, මග ඇරෙනවා එපා වෙනවා. වෙනස් වෙයි කියලා දැන දැනම කැමැත්තක් හිතෙනවා. අනේ මන්ද. බස් වල යද්දි, වාහනේ යද්දි, මග තොටදි නැත්නම් වැඩ කරන තැනදි අපිට හමුවන මිනිසුන් විවිධාකාරයි. මේ විවිධාකාර මිනිසුන් සහ අපි අතරේ ඇතිවන සමහර බැඳීම් පටන් අරන් අවසන් වෙන්නේ ඇසිපිය ගහන නිමේෂයෙන්. අකමැත්තෙන් හෝ සමහර බැඳීම් පටන් ගන්න කලින්ම අවසන් කරන්න වෙන වෙලාවලූත් නැතුවම නෙමේ. ඒ … Continue reading සංසාර බැඳීම්

28 වෙනි සැමරුම..

මැදියම් රෑ 12 එළඹ ඇත. දුක හා සතුට මුසුවූ හැඟීමකින් සිත පිරී යයි. තවත් වසරක් ගෙවී ඇත, තවත් උපන්දිනයක් සැමරීමට කාලය එළඹ ඇත. ජීවිතයේ මේ නොවෙනස්වන වෙනස්වීම යම් විටෙක දුක්බර, යම් විටෙක චමත්කාර අත්දැකීමක් ද වීම පුදුමාකාර දෙයක් නොවෙද? 1988 මාර්තු 04 දින අම්මාට හා තාත්තාට මගේ උපත කෙසේ දැනෙන්නට ඇත්දැයි මම නොදනිමි. නමුත් මගෙ පැමිණීම ඔවුන්ට සතුටක් වෙන්නට ඇතැයි මම සිතමි. යම් යම් අවස්ථාවලදී … Continue reading 28 වෙනි සැමරුම..