ස්තුති සටහනක්…

නොහිතූ ලෙසා මා අසනීප වුණු බැවින් පසුගිය සතිය පුරාවට කතාකිරීමට බලපොරොත්තුවෙන් සිටි මාතෘකාවක් ගැන නොලියා කල් දැමීමට සිදුවුණි. නිදහසේ ලියන්නට අවස්ථාවක් ලැබුණු නිසා, දැන් මේ ලියන්නේ කල් දැමුණු ඒ මාතෘකාව පිළිබඳයි.

ගුරු දිනය නිමිත්තෙන් සිසු සිසුවියන් ගෙන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ද මා හට විවිධ තෑගි භෝග මෙන්ම ඉතා දයාබර පණිවිඩ ලියවුණු මතක සටහන්ද ලැබුණි. මගේ ආදරණීය සිසුන් බුලත් හුරුල්ලක් දී මා හට වඳින විටදී සිහි වූයේ මාගේ නෙත් පෑදූ ආදරණීය ගුරුවන්වයි. ගුරුවරියක වීම සහ ගුරුවරියක වීමට මා ගත් තීරණය මා ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස සළකමි. ඒ හුදෙක් සිසුන්ගෙන් ලැබුණු තෑගි භෝග නිසා නම් නොවේ. ගුරු වෘත්තිය සැබැවින්ම තෘප්තිකර රැකියාවකි. මේ, ඒ කෙසේද යන්න ගැන ලියවෙන කෙටි සටහනකි.

ගුරුවරියක වීම නිසා මා ලද හොඳම දෙය සිසුන්ගේ තෑගි භෝග නොව, ඔවුන්ගේ ජීවිත වෙනස් කිරීමට මා හට ඇති හැකියාවයි. ඔවුන්ට මග පෙන්වීමට, ඔවුන්ගේ සිත් තුළට සිතීමට දෙයක් කාවැද්දීමට මා හට ඇති හැකියාව ගුරුවරියක වීමෙන් මා ලද හොඳම ත්‍යාගයයි. ඔවුන්ට ඉගැන්වීමට, ඔවුන් සමග ඉගෙනගැනීමටද ලැබෙන අපූරු අවස්ථාව මා ගුරුවරියක ලෙස අත් දකින හොඳම ත්‍යාගයයි. ගුරු පදවියට මා කුඩා කල සිට ඇලුම් කළෙමි. ඒ අවංක ආසාව අද ද වෙනස් වී නැත. ඊයෙට වඩා හෙට හොඳට උගන්වන්නේ කෙසේ දැයි සිතමින් මම ඒ සඳහා කැපවෙමි. මා වෙනත් රැකියාවක් වෘත්තිය ලෙස තෝරා ගත්තේ නම්, අද මා ගුරු වෘත්තියෙන් ලබන සැබෑ තෘප්තිය නොලබන බව මා හදවතින්ම දනිමි.

ගුරුවරයාගේ කාර්යය සුළු පටු නොවේ. තම කාර්යය නිසි අයුරින් ඉටු කරන සැබෑ ගුරුවරුන් ලොව පුරා වෙති. ඔවුන්ට මා හිස නමා ගෞරවයෙන් ආචාර කරමි. තම ජීවිතය පුද කරමින් තම සිසුන් අවි ගත් තුවක්කුකරුවකුගෙන් බේරා ගත් තරුණ ගුරුවරියකගේ කතාව මට සිහි වේ.

ලොව වෙනස් කළ හැකි බලයක් අධ්‍යාපනයට ඇති බව මා තරයේ විශ්වාස කරමි. හොඳ පුරවැසියන් රටකට දායක කිරීමට හා රටක් සංවර්ධනය කරා ගෙන යාමට අධ්‍යාපනයට හැකි බවද මා දැඩිසේ විශ්වාස කරමි. ලංකාවේ දැනට සාක්ෂරතා අගය 92.63% වේ. එය ගෝලීය හා කලාපීය ප්‍රමිති වලට අනූව සළකා බැලූ කල, සාමාන්‍යයටත් වඩා ඉහළ අගයකි. නමුත්, ලංකාවෙ තවමත් අධ්‍යාපනය සඳහා අවස්ථාව නොලද දරුවන් සිය දහස් ගණනක් ජීවත් වේ. දක්ෂ තරුණ තරුණියන් දසදහසක් දෙනා නිසි පුහුණුකම් අපේක්ෂාවෙන් සිහින දකිති. මානුෂීය අයිතිවාසිකමක් වන අධ්‍යාපනය ලබා දී ඔවුන්ද මේ රට ගොඩ නැගීමට දායක කරගත හැකි නොවෙද? ගුරුවරියක ලෙස මාගේ එකම ප්‍රර්ථනය ශ්‍රී ලංකා රජය හා අදාළ බලධාරින් විසින් සියලු දරු දැරියන්ට නිසි අධ්‍යාපනික අවස්ථා ලබාදීමට හා සාර්ථක හා ක්‍රමවත් අධ්‍යාපනික පද්ධතියක් ඇති කීරීමට ඵලදායි පියවර ගැනීමයි. එමෙන්ම ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා රජයේ හා පෞද්ගලික ගුරුවරු සියල්ලන් තමන්ගේ හඬ මීට වඩා අවදි කරනු ඇතැයි මා ප්‍රර්ථනා කරමි.

අවසාන ලෙස, මගේ ජීවන ගමන මෙතෙක් දුර හෝ එන්නට මට අත හිත දුන්, මග පෙන්වා දුන්, ගුරුවරුන් සියල්ලන්ම භක්තියෙන් සිහිකරමි. මා වෙනුවෙන් තිළිණ කළ තෑගි සහ, ලියැවුණු පණිවුඩ වෙනුවෙන් හෘදයාංගමව ස්තුතිවන්ත වෙමි. ගුරුවරියක ලෙස මා ජීවිතයේ ලද හොඳම දෙය ලෙස මා දකින්නේ වෘත්තිමය සතුට හා තෘප්තියයි. ගුරුවරියක ලෙස මා වෘත්තියෙන් ලබන ඒ සතුට ලබන්නේ ආදරණීය දුවේ පුතේ ඔබ නිසායි.

img_20161015_5

 

You can read the English Translation of this post by clicking on the link below.

Being a Teacher.

Advertisements

3 thoughts on “ස්තුති සටහනක්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s